BREAKING NEWS
Search

පොල් ගෙඩියක් හිසට වැටී මාස 11 ක සිඟිතිය අවසන් ගමනේ

242

ගලහා දෙල්තොට ප්‍රදේශයේදී පියාගේ ඇකයේ සිටි මාස  11 ක් වු දියණියගේ හිසට පොල් ගෙඩියක් වැටීමෙන්  එම දරුවා මියගොස් ඇතැයි ගලහා පොලිසිය පවසයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ ගලහා දෙල්තොට නාරන්හින්න වත්තේ පදිංචි ලෝගේෂ්වරන් කියාංෂිනි නැමති දැරියයි.

පියා විසින් මෙම දැරිය රැගෙන අසල්වැසි නිවසක් වෙත ගොස් යළි එමින් සිටියදී එම නිවස ඉදිරිපිට ඇති අඩි තිහක් පමණ ඉතා උස පොල් ගසක තිබුණු වේළුණු ගෙඩියක් ඇගේ හිසට වැටී තිබේ.

ඉන්පසු මොවුන් ත්‍රී රෝද රථයකින් එයයිම දැරිය දෙල්තොට ප්‍රාදේශීය රෝහල වෙතරැගෙන ගොස් තිබූ අතර ඇගේ තත්ත්වය ඉතා බරපතල නිසා එම රෝහලින් ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යවා තිබුණි.

මොවුන්  පදිංචි පේළි නිවාස අසල ඇති මෙම පොල් ගසේ ගෙඩි පැසී තිබෙන විට කිසිවෙකුත් ඒවා කඩා නොමැති අතර එම ගෙඩි වේලි අනාරක්ෂිත ලෙස බිමට වැටීම සිදුවන බව පරීක්ෂණ පවත්වන පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මෙම නිවාසවල තවත් කුඩා ළමුන් හා අනෙකුත් පිරිස් විශාල ලෙස සිටියත් මෙහි ඇති අවදානම පිළිබඳව ඔවුන් එතරම් සැලකිල්ලක් දක්වා නොමැති බව ද හෙළි වී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *