BREAKING NEWS
Search

තරුණ කාන්තාවක ට වෙඩිතබා ලක්ෂ 20ක් කොල්ලකයි

115

කාත්තන්කුඩිය අහමඩ් පාර ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩිතබා බියගන්වා මුදල් හා රන් භාණ්ඩ පැහැරගැනීමක් සිදුකර තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරු විසින් අදාළ කාන්තාවට ගිනිඅවියෙන් සහ අතින් පහරදීමක්ද සිදුකර ඇති බවය.

පහරදීමෙන් තුවාල ලැබූ 32 හැවිරිදි එම කාන්තාව කාත්තන්කුඩිය රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට මාරුකර යවා තිබේ.

අදාළ සැකකරු විසින් කාන්තාවගේ බෑගයේ තිබූ රන් භාණ්ඩ හා රුපියල් ලක්ෂ 20ක මුදලක් කොල්ලකා පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලට අනුව ආරියම්පති නැගෙනහිර ප්‍රදේශයේ 43 හැවිරිද පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *