ලෝචනා ඉමාෂි කියන්නෙ කටකාර, දඟකාර චරිතයක් හැටියට කවුරු අතරත් අතිශය ජනප්‍රිය තාරකාවක්.
හුරතල් පුතු පැටියෙක්ගෙ මවක් වන ඇය කලා කටයුතු නිසාම, බොහෝ දුරට කාලය ගෙවන්නෙ පුතුගෙන් සහ සැමියාගෙන් දුරස්ව.
කොහොම නමුත් මෑතකදී තාත්තයි පුතයි දෙන්නම ලංකාවට ඇවිත් ගිහින් තිබුණා.
”තාත්තයි පුතයි දෙන්නම එකට ආවෙ.
ඒ දෙන්නම ගියා. පුතා ආවෙ අවුරුදු දෙකකට විතර පස්සෙ.”
ලෝචිත් නිතර විදෙස්ගත වන නිසාම නිර්මාණ කටයුතුවලින් දකින්න ලැබෙන ඉඩ අඩුයි. නමුදු මෙවර නම් ඇය ටික කාලයක් ලංකාවේ ඉන්න බවයි ආරංචිය.
”විදේශගතවීම් එක්ක බොහෝ කාලයකින් රඟපෑම් කටයුතුවලට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ.
මේ වතාවෙ නම් මොකක් හරි වැඩක් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ.
දැනටමත් නිර්මාණ කිහිපයක් ලැබිල තියෙනව.
ඒවායින් හොඳ එකක් තෝරාගෙන වෙනස් විදිහේ දෙයක් කරන්න තමයි අදහස.”
ලෝචි මේ විදියට නිර්මාණවලින් දකින්න නොලැබුණාට මොකද ජනප්‍රියත්වයේ නම් කිසිම අඩුවක් ඇත්තෙ නෑ.
”මම ලංකාවෙ හිටියත් නැතත් ප්‍රේක්‍ෂකයන් මට ආදරය කරන එක අඩුවෙලා නැහැ.
මම හිතන්නෙ ඒක හැමෝටම ලැබෙන්නෙ නැති වාසනාවක්.
මේ වතාවෙ මම ඉතාලියට ගියා. එහෙදිත් කිසිම අඩුවක් නැතිව ප්‍රේක්‍ෂක ආදරය මට ලැබුණා.”
ලංකාව තුළ ඈ කෙතරම් කලා කටයුතු එක්ක කාර්‍යබහුල වුණත්, පුතා සහ සැමියා ළඟ නැති අඩුව නම් සෑහෙන්න ඈට දැනෙන හැඩයි.
”..ඒ ගැන දුකක් තියෙනව. මොන අම්මද අකමැති තමන්නෙ දරුවා තමන් ළඟ තියාගන්න.
නමුත් මගේ දරුවාට හොඳ තැනක මම එයාව තියනව.
පුළුවන් හැම මොහොතකම මම එයාලව බලන්න යනව.”



















