BREAKING NEWS
Search

නාඳුනන සිරුරක් නිසා කැලඹීමක්

117

කයිට්ස් මඩත්තවේලි ප්‍රදේශයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (14) සවස කයිට්ස් පොලීසියට ලද තොරතුරක් මත අදාළ විමර්ශන කටයුතු ආරම්භ කළ බවය.

මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර මෙතෙක් ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරගෙන නොමැත.

මෙම පුද්ගලයා අවුරුදු 45ත් 50 අතර උස අඩි 05යි අඟල් 02 ක් පමණ වන අයෙක් බව පොලීසිය පවසයි.

සිරුර යාපනය රෝහලේ තැන්පත් කර ඇති අතර කයිට්ස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *