BREAKING NEWS
Search

තරුණ දොස්තරගේ සිරුර නිල කාමරයෙන් හමුවෙයි… පොලීසියට සැකයක්…

156
යාපනය මන්දගායි රෝහලේ තරුණ වෛද්‍යවරයකු රෝහල් පරිශ්‍රයේ පිහිටි සිය නිල කාමරයේ නිදන ඇඳ මත අබිරහස් ලෙස මියගොස් සිටියදී පේදුරුතුඩුව මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබෙනවා.

මියගොස් ඇත්තේ ප්‍රේමානන්ද රාසා නමැති 30 හැවිරිදි අවිවාහක වෛද්‍යවරයෙකි.

මෙම වෛද්‍යවරයා පසුගිය දහවැනිදා සේවා කටයුතු නිමකර පිටව ගොස් ඇතත් නියමිත පරිදි පෙරේදා රාජකාරියට වාර්තා කර නොමැති බව හෙළිවී ඇත.

හිතවත් වෛද්‍යවරයකු ඒ ගැන විපරම් කර බැලීමට නිල කාමරයට ගොස් නම කියා කිහිප වරක් කතා කළත් ඊට ප්‍රතිචාර නොදැක්වූ නිසා දොර කඩා ඇතුළුවීමේදී පේමානන්ද රාශා මහතා නිදන කාමරයේ ඇඳ මත උඩුබැලි අතට වැටී මියගොස් සිටින අයුරු දැක ඇතැයි පොලිසිය සදහන් කරයි.

මෙම වෛද්‍යවරයාගේ නාසයෙන් ලේ ගලා ගොස් තිබෙන අයුරු ද දැකගැනීමට ඇතැයි පොලිසිය සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *