BREAKING NEWS
Search

දැරියකට අමානුෂික ලෙස පහර දුන් සුළු පියාට වූ දේ

247

නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බව කියන එම දැරියගේ සුළු පියා අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

පහර කෑමට ලක් වූ දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදා සාමාජිකයෙකු වන අතර  එම සැකකරුගේ විරුද්ධවාදීන් පිරිසක් සමග කතාබහ කර එම කරුණු සැකකරුට නොපවැසීම නිසාවෙන් මෙම පහරදීම සිදුකර ඇතැයි අනාවරණය වූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මයිස්ටත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *