කොට්ටාව – මාකුඹූර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයට පෞද්ගලික මගී බස් රථයක් කඩා වැදීමෙන් මගීන් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අදාල බස්රථය බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයට ඇතුල් කිරීමේදී එහි රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පාදුක්කේ සිට පිටකොටුව දක්වා ධාවනය වෙමින් තිබු බස්රථයක් වන අතර අනතුරින් තවත් බස් රථයකට සහ බස් නැවතුම්පලේහි ගොඩනැගිල්ලටද හානි සිදුව තිබෙනවා.
තුවාල ලැබූ පිරිස අදාල බස් රථයේ ගමන් කල අය වන අතර සුළු තුවාල ලබා ඔවුන් හෝමාගම රෝහලට යොමු කෙරුණා.




















