BREAKING NEWS
Search

පෞද්ගලික බසයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටෙයි…සිරවී සිටි ජීවිත බේරාගන්න දැඩි උත්සාහයක්…

351

පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද (11) උදැසන 7.30ට පමණ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, දියගල ප්‍රදේශයේදී එම අනතුර සිදුව තිබුණි.

එම අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් අයෙකි.

මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් සහ හැටන් සිට කොළඹ දක්වා ධාවනය වු වෑන් රථයක් එලෙස අනතුරට ලක්ව ඇත.

අධික වේගයෙන් ධාවනය වී ඇති වෑන් රථය ලිස්සාගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු පෞද්ගලික බස් රථයේ ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරෙන් වෑන් රථ රියදුරා සහ ඉදිරිපස අසුනේ සිටි තවත් අයෙකු සිර වී සිටි බවත්, බස් රථයේ ගමන් ගත් මගීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා වෑන් රථයේ දොර විවෘත කර තුවාලකරුවන් රෝහල වෙත යොමු කර ඇත.

අනතුරෙන් බස් රථයට සහ වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව අප වාර්තාකරු පැවසීය.

ප්‍රදේශයේ පවතින වර්ෂාවත් සමග හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය ලිස්සන සුළු බැවින් එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදි සැලකිලිමත් වන ලෙස ගිනිගත්හේන පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

මේ අතර, නාඋල අරංගල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි පිටුපස ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා නාලන්දා රෝහලට ඇතුළත් කිරීමේ දී රියදුරු මියගොස් තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාත්තාවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී එක් කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 64 හැවිරිදි නාඋල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු සහ 76 හැවිරිදි ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක බව සඳහන්ය.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *