BREAKING NEWS
Search

සිත්පිත් නැති සැඩ පහරට හසුව එකටම අවසන් ගමන් ගිය මිතුරන් දෙදෙනාගේ කඳුළු කතාව මෙන්න..

2155

ඒ මහා වැසි මැදත්, ඔවුන් දෙදෙනා හිටියෙම එකට..

පුංචි කාලේ ඉඳලා හොඳම මිතුරන් වුණ තරිඳු සහ නවිඳු කවදාවත් ඒ දෙන්නාගේ ජීවිතයේ අවසාන මොහොත මේ විදිහට ගෙවන්න වේවි කියලා විශ්වාස කරන්නවත් නැතුව ඇති..

ඒත් අවසානයේ දෛවය ඒ දෙන්නාගේ ඉරණම වෙනස් විදිහකට ලියලා.. ඒ ඉරණම මොන තරම් කුරිරු වුණත්, අවසානයේ අපි හැම කෙනෙක්ටම ඒ ඇත්ත පිළිගන්නම සිද්ධ වෙලා.. මාතර, කඹුරුපිටියේ අකුරගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයක් දෙදෙනා පසුගිය දවසක ගංවතුරේ සැඩ පහරට අසුව මියගොස් තිබෙනවා..

ඔවුන් දෙදෙනාගෙන් එක අයෙක් 20 හැවිරිදි තරිඳු සම්පත් නම් අයෙක් වන අතර අනෙක් තරුණයා 17හැවිරිදි නවිඳු නම් තරුණයෙක්…

මොවුන් දෙදෙනා පසුගිය 02වනදා දානමය පිංකමකට සහභාගි වී නිවැසියන්ට ආහාර ගෙන එමින් සිටියදී පස්වරු 3:00ට පමණ එකවරම කඩාගෙන ආ ගංවතුරට හසුව මෙලෙස ජීවිතයෙන් සමුගෙන තිබෙනවා..

ඔවුන්ගේ සිරුරු සොයාගැනුනේ ඊට පසුදා වෙල්‍ යායක තිබියදී බවයි වාර්තා වෙන්නේ.. මෙම තරුණයින් දෙදෙනාම ඔවුන්ගේ පවුල්වල එකම දරුවායි.. කොහොම වුණත් අවසන් ගමන් යන මොහොතේදී එකටම ඉන්න ඒ දෙන්නාට පුළුවන් වෙලා.. ඒ දුගී පවුලක ඉපදුන තරිඳුගේ නිවස තුළ ඔහුගේ අවසන් කටයුතු කරන්නත් ඉඩ කඩ මදි වුණ නිසායි..

ඒ නිසා මොවුන් දෙදෙනාගේම දේහය අවසන් වරට දැකගන්නට අවසානයේ හැමෝටම යන්න සිද්ධ වුණේ නවිඳුගේම නිවසටයි..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *