BREAKING NEWS
Search

පාසැල් සිසුවියන්ට හෙට සිට සහනයක්

727

පාර්ලිමේන්තුව අමතමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ මෙරට පාසල් සිසුවියන් වෙනුවෙන් සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන හෙටින් ආරම්භ කර 10 වෙනිදා සිට ක්‍රියාවට නංවන බවයි.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසූවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා රජය විසින් 2023 වර්ෂයේ සිට විවිධ ව්‍යාපෘති හරහා අසීරුතා මැද පාසල්වල අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කාර්යන් සිදු කරගෙන යන බවයි.

වසර තුනක සිට මඟහැරී ඇති අධ්‍යාපන පරිපාලන සේවා 3 ශ්‍රේණියේ කුසලතා මත පත්වීම් ලබා දීමේ කටයුතු සියල්ල මේ වන විට ක්‍රියාවට නංවා ඇති බවත් පාසල්වල නැවතී තිබූ සියලු පාසල් ක්‍රීඩා වාර්ෂික ව නැවත පවත්වන බවත් අතපසු ව පැවති ක්‍රීඩා සියල්ල පවත්වා අවසන් කර විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් ද යථා තත්වයට පත්කර ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළා.

තව ද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමෙන් පසු පාසල තුළදීම වෘත්තීය පුහුණුවක් ලබා දීමේ ව්‍යාතියක් ද මේ වන විට සාර්ථකව ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *