BREAKING NEWS
Search

14 හැවිරිදි පාසල් සිසුවා අවුරුදු 8 සිසුවාට පිහියෙන් ඇනලා – දුරකතනයෙන් ගේම් ගහන්නෙත් එකටලු

193

අඟුණකොලපැලැස්ස වැටිය ප්‍රදේශයේ යාබද නිවෙස් දෙකක පාසල් දරුවන් දෙදෙනකු අතර ඇති වූ දබරයකින් පසු පිහි පහර කෑ අට හැවිරිදි දරුවකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි.

වයස අවුරුදු 8 ක පමණ වන පිහි පහරට ලක් වූ පාසල් දරුවා අඟුණකොළපැලැස්ස මූලික රෝහලට පස්වරුවේ ඇතුල් කිරිමෙන් පසුව හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා ඇති බවද පොලිසිය කියයි.

පිහිපහරවල් එල්ල කළේ යැයි කියන 14 හැවිරිදි පාසල් සිසුවා නිවසින් පිටව ගොස් වස පානය කිරීමෙන් පසුව ඇඹිළිපිටිය මහ රෝහල වෙත රාත්‍රී ඇතුළත් කර ඇති බව වාර්තා වී ඇතැයි අඟුණකොළ පැලැස්ස පොලිස් ස්ථානාධිපති වරයා තහවුරු කලේය.

යාබද නිවෙස් දෙකක සිටි මෙම පාසල් දරුවන් දෙදෙනා එකට සෙල්ලම් කරමින් සිටින අය බවත්, ජංගම දුරකතන මගින් ගේම් ගැසීම සිදු කරන බවත් මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

තුවාලත් දරුවාගේ මව රෙදි සෝදමින් සිටින අවස්ථාවේ මෙම සිදු වීම සිදු වී ඇති අතර දරුවා කෑගැසීමේ ශබ්දය ඇසි බලන විට දරුවාගේ පපුවේ සහ බෙල්ලේ කැපුම් තුවාල කිහිපයක් තිබෙනු බව දැක වහා ප්‍රදේශවාසීන්ගේ සහාය මත රෝහල් ගත කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *