BREAKING NEWS
Search

ජේතවනාරාමේ අකුණු සන්නායක සිද්ධියට අත්අඩංගුවට ගත්තේ ඔබ සිතූ සුපර් ස්ටාර් මංජුල පුෂ්පකුමාරමයි

376

ඓතිහාසික ජේතවනාරාම චෛත්‍යයේ අකුණු සන්නායකය සොරා ගැනීමට තැත් කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගායන ශිල්පී මංජුල පුෂ්පකුමාර බව තහවුරු වී තිබෙනවා.

සිරස සුපර් ස්ටාර් ගායන රියැලිටි වැඩසටහනේ අවසන් වටයට තේරී පත් වුණු මෙම ගායකයා, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 03 වැනි දා පස්වරු 12.40ට පමණ උඩමළුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණා.

ඔහු සමග තවත් සැකකරුවන් සිව් දෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබූ අතර එම පිරිස ඊයේ (04) මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට කටයුතු කළ බවයි උඩමළුව පොලිසිය හිරු නිවුස් වෙත සඳහන් කළේ.

මේ අතර අද පෙරවරුවේ හිරු නිවුස් වෙබ් අඩවිය ඇතුළු මාධ්‍ය එම සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කළ අතර අනතුරුව ඔහු සිය ෆේස්බුක් ගිණුම හරහා සජීවීව ප්‍රකාශ කළේ, තමා එවන් සිදුවීමකට සම්බන්ධ නැති බවත් තමා සිය නිවෙසේ සිටින බවයි.

කෙසේ නමුත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණේත්, අනතුරුව අධිකරණය විසින් ඇප මත මුදා හැරුණේත් සිරස සුපර් ස්ටාර් ගායන රියැලිටි තරගයේ අවසන් වටයට තේරී පත් වූ මැදවල ලේකම්ලාගේ මංජුල පුෂ්පකුමාර දයාරත්න නොහොත් මංජුල පුෂ්පකුමාර ම බව තහවුරු වී තිබෙනවා.

No description available.

Source : Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *