BREAKING NEWS
Search

ටියුෂන් ගිය ගම්පහ සිසුවියන් තිදෙනා අතුරුදන්

173

ගම්පහ යක්කල ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගිවීමට ගිය 14 හැවිරිදි සිසුවියන් තිදෙනකු ඊ‍යේ (29) සවස සිට අතුරුදන් බවට පැමිණිලි ලැබී ඇතැයි යක්කල සහ වීරගුල පොලිසි පවසයි.

යක්කල පොලිසියට එක් පැමිණිල්ලක් ලැබී ඇති අතර අනෙක් පැමිණිලි දෙක වීරගුල පොලීසියට ද ලැබී ඇත.

එම සිසුවියන්ගේ මවුවරුන් මෙම පැමිණිලි කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අතුරුදන් සිසුවියන් තිදෙනා ගම්පහ යක්කල ප්‍රදේශයේ පාසලක 9 වැනි වසරේ ඉගෙනුම ලබන මිතුරියන් බවත් ඔවුන් තිදෙනා පෙරේදා (29) රාත්‍රිය වනතුරුත් නිවෙසට නොපැමිණි බවත් සඳහන් කරමින් පැමිණිලි කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

අතුරුදන් සිසුවියන් තිදෙනා ගැන අද (30) වනතුරුත් කිසිදු තොරතුරක් දැන ගැනීමට නොලැබුණු බව යක්කල සහ වීරගුල පොලිසි පවසයි. යක්කල සහ වීරගුල පොලීසිවල ළමා හා කාන්තා කාර්යාංශය සහ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු මෙී පිළිබද පරීක්ෂණ පවත්වති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *