සැකකරු ගැන නිවැරදි තොරතුරක් ලබා දී ලක්ෂ 20ක් ලබාගන්න

285

විශේෂ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සැකකරුවෙක් සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් දැනුම්දෙන ලෙස පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිසාව මගින් අදාළ සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

මෙම සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ් නම් පුද්ගලයා බව පොලීසිය පවසයි.

මෙම සැකකරු පිළිබඳව නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 20ක ත්‍යාග මුදලක් ලබාදෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *