BREAKING NEWS
Search

තිදරු මවට එල්ලවූ මාරාන්තික ඇසිඩ් ප්‍රහාරය

193

කහව නිවසක කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර ඝාතනය කර ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

පාසලකට ආහාරපාන සපයන වසය 59ක් පමණ වන තිදරු මවක් වූ ගෝනපිනුවල ප්‍රේමලතා නම් කාන්තාවක් එසේ ඝාතනය කර ඇත.

අද (20) අලුයම 4ට පමණ සිය නිවසේ කුස්සියෙහි පොල් ගාමින් සිටිය දී නාඳුනන පුද්ගලයකු නිවසට ඇතුළු වි ඇසීඩ් ප්‍රහාරය එල්ලකර ඇති බව පොලීසිය සැක කරයි.

පසුව ඇයව අසල්වාසීන් හා ඥාතීන් එක්ව ත්‍රිරෝද රියකින් බලපිටිය මුලික රෝහලට ඇතුළු කර තිබූ අතර එහිදී ඇය මියගොස් තිබුණි.

අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබඳ ව විමර්ශන සිදුකරයිි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *