BREAKING NEWS
Search

බීඩිකොළ සමඟ ලොරිය පැහැරගත් පොලීසියේ දෙන්නෙක් මාට්ටු

124

පුත්තලම නගරයේදී දී රුපියල් කෝටි දෙකකට අධික බිඩි කොළ තොගයක් සමඟ ලොරි රථයක් පැහැර ගැනිමේ සිද්දියකට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම කොට්ඨාස රථවාහන අංශයෙ පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල් වරයෙකි.

මොවුන් ආණමඩුව හා වේලාසිය ප්‍රදේශ වල පදිංචිකරුවෝ බව පොලීසිය කියයි. ඒ සමඟ මෙම සිද්ධියට තවත් පොලිස් නිළධාරීයකු අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ අරඹා තිබේ.

කොල්ලකරුවන් වෑන් රථයකින් පැමිණ පළමුව බිඩි කොළ රැගෙන ආ ලොරි රථයෙ රියදුරා පැහැර ගෙන ගොස් පහර දී ඔහු සතුව තිබු මුදල් හා ජංගම දුරකථන කොල්ලකා  ගෙන රියදුරු නින්දෙනිය ප්‍රදේශයෙ දමා ගොස් තිබු බව කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *