දෙහිවල මුහුදු මාර්ගයේ අද (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, කොළඹ සිට දෙහිවල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් විරුද්ධ දෙස නවතා තිබූ ත්‍රීරෝද රථ දෙකක සහ මෝටර් රථයක මෙන්ම කැබ් රථයකත් ගැටී අනතුර සිදුව ඇති බවය.
අනතුර සිදුකළ තරුණයා දෙහිවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



















