BREAKING NEWS
Search

අද විමසිල්ලෙන් ඉන්න.. කාලගුණය ගැන මහජනතාවට මෙන්න විශේෂ දැනුම්දීමක්..

189
දවස්වල දිවයිනේ පවතින කාලගුණ තත්ව පිළිබඳව විටින් විට අවවාදාත්මක නිවේදන නිකුත් වෙනවා..

මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ තවත් නිවේදනයක් ගැනයි..

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට පැයට කිලෝමීටර් (60-70) දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා..
.
ඒ අනුව නාවික සහ ධීවර ප්‍රජාවන්ට විමසිල්ලෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ..

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් අද (17) වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය කැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් පවසනවා..

බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සදහන් වන්නේ..
.
දිවයිනේ සෙසු ප්‍රදේශවල දහවල් 12.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විමේ හැකියාව පවතිනවා..

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී.100 ක පමණ තද වැසි ඇතිවිය හැකියාව ඇති බව සඳහන් වෙනවා..

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධානය කරනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *