BREAKING NEWS
Search

බිලිදා රෝහලේ දමා පැන ගිය 15 හැවිරිදි මව පොලිස් බාරයට

199

යාපනය ශික්ෂණ රෝහලදී බිහිකරන ලද බිළිඳා රෝහලේ දමා පලා ගිය 15 හැවිරිදි දැරිය හා දැරියගේ මව පොලිස් බාරයට ගත් බව දැරිය යාපනය පොලීසිය පැවසීය.

පසුගිය සතියේදී යාපනය ශික්ෂණ රෝහලට අවුරුදු 15 ක් වයසැති දැරියක් ඇතුළත් වී ඇත්තේ ගැබිනියක් ලෙසිනි.

අනතුරුව පසුගිය 13 වනදා අදාළ දැරිය බිළිඳෙකු ප්‍රසූත කිරීමෙන් පසුව දැරිය සහ ඇගේ තනියට සිටි මවද බිළිඳා රෝහලේ දමා අතුරුදන්ව තිබුණි.

දැරිය යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ ජීවත්වන බවට පොලීසියට ලද  තෙරතුරකට අනුව යාපනය පොලීසිය විසින් නෙල්ලිඅඩි පොලීසියට බව දැනුම් දී  දැරිය හා දැරියගේ මව පොලිස් බාරයට ගෙන යාපනය පොලීසියට බාර දී තිබේ.

එහිදී පොලීසිය විසින් 15 හැවිරිදි දැරිය ගැබිනියක් කරන ලද පුද්ගලයා සොය පරික්ෂණයක් ඇරඹු අතර එහිදී සැක පිට මුලතිව් මල්ලවි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇත.

රෝහලේ දමා ගිය බිළිඳා මේ වන විට රෝහල් බලධාරීන්ගේ අධික්ෂණය යටතේ යාපනය ශික්ෂණ රෝහලේ සිටි .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *