BREAKING NEWS
Search

අවාරේ ශ්‍රී පාද­ස්ථාන වන්ද­නාවේ යන එක වළ­ක්වන්න මට අවශ්‍ය නෑ. එහෙම නීති­ය­කුත් නෑ – හැබැයි ගමන හරිම අව­දා­නම්

171

“අවාරේ ශ්‍රී පාද­ස්ථාන වන්ද­නාවේ යන එක වළ­ක්වන්න මට අවශ්‍ය නෑ. එහෙම නීති­ය­කුත් නෑ. විවිධ අධ්‍ය­යන කට­යුතු සඳහා යන විශ්ව­වි­ද්‍යාල සිසු සිසු­වි­යන්ට, විවිධ ආය­ත­න­වල අයට අවා­රයේ ශ්‍රී පාද­ස්ථා­න­යට ගියාට කිසිඳු ගැට­ලු­වක් නැහැ.” යැයි ශ්‍රී පාද­ස්ථා­නා­ධි­පති, රත්න­පුර දිසාවේ ප්‍රධාන සංඝ­නා­යක, පැල්ම­ඬුල්ල රාජ­මහා විහා­රය හා රත්න­පුර පොත්ගුල් රාජ­මහා විහා­රය යන උභය විහා­රා­ධි­පති, ත්‍රිපි­ට­කා­චාර්ය බෙන්ග­මුවේ ධම්ම­දින්න නායක ස්වාමීන් වහන්සේ පැවැ­සූහ. 

උන් වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ මෙවර සිරිපා වන්දනා වාරය අව­සන් කිරීම නිමි­ත්තෙන් හා පෙර­හර කට­යුතු සංවි­ධා­නය වෙනු­වෙන් පැල්ම­ඬුල්ල ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යේදී ඉකුත්දා (13) පැවැති විශේෂ සාක­ච්ඡා­වේ­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ නායක හිමියෝ මෙසේ ද කීහ.

“අවා­රයේ සිරිපා මාර්ග­වල විදු­ලිය ඇතුළු පහ­සු­කම් නෑ. ආර­ක්ෂා­වට පොලිස් නිල­ධා­රීන් හෝ සෞඛ්‍ය සේව­ක­යන් ඇතුළු කණ්ඩා­යම් නෑ. මේ නිසා අවා­රයේ සිරිපා වන්ද­නාවේ යන අයට කිසිම ආර­ක්ෂා­වක් නෑ. යම් අයකු එහිදී රෝගා­තුර වුණොත් දැඩි අව­දා­න­මක් මතු වෙනවා. ගිය­වර අවාරේ ගිය ඇතැම් අය ජල නළ­ව­ලට, අම්බ­ල­න්ව­ලට හා වැසි­කි­ළි­ව­ලට සිදු­කර තිබූ හානිය පිළි­ස­කර කිරී­මට රුපි­යල් ලක්ෂ 20ක් පමණ අම­ත­රව වැය වුණා. පරි­ස­ර­යට මුදා හැර තිබූ නොදි­රන කසළ ඇතුළු අප­ද්‍රව්‍ය ඉවත් කරන්න කණ්ඩා­යම් යොදවා නැති බැවින් පරි­ස­ර­ය­ටත් ලොකු හානි­යක් සිදුව තිබුණා.

අවාර කාලය වෙන් කර තිබෙන්නේ මෙහි පරි­ස­ර­යට, සතා සිවු­පා­වට යළි හැඩ­ගැ­සෙ­න්නයි. එම කාල­යෙත් සිරිපා වන්ද­නාවේ ගිය­හොත් ගහ­කො­ළට හා සතා සිවු­පා­ව­න්ටත් නිද­හ­සක් නැති වෙනවා. ඒ නිසයි අවාර කාලයේ සිරිපා වඳින්න යන අයට අව­සර නොදුන්නේ. යනව නම් ඒ සඳහා රත්න­පුර දිස්ත්‍රික් ලේක­ම්ව­ර­යා­ගෙන් අව­ස­ර­යක් ගත යුතුයි. මේක නීති­යක් නෙවෙයි ඉල්ලී­මක්. සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය හරහා ප්‍රචා­රය වන තොර­තුරු අනුව මෙය බොහෝ පිරි­සක් වැර­දි­යට වට­හා­ගෙන තිබෙ­නවා.”

මෙම සාක­ච්ඡා­වට පැල්ම­ඬුල්ල ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රයා ඇතුළු පිරි­සක් එක්ව සිටි­යහ.

 

කුරු­විට – කේ.ඒ. සුනිල්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *