BREAKING NEWS
Search

ෆොක්ස් හිල් අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළට – ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි දැරිය මරුට

161

දියතලාවේ පැවැති ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරඟය අතරතුරේ සිදුවූ වූ මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි බාලවයස්කාරියක මියගිය බව දියතලාව පොලිසිය පවසයි.

දියතලාව ගල්ඒදණ්ඩ හෙලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව් .පී. සත්සරණී චාමින්දි (16) නැමති බාලවයස්කාර දැරිය මෙසේ මියගිය බව පොලිසිය කීය .

මේ අනුව දියතලාව ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරග මාරක අනතුරින් මියගිය ගණන 08 දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය සහ දියතලාව යුදහමුදා විද්‍යා පීඨය මගින් සංවිධාන කළ මෙම ෆොක්ස්හිල් මෝටර්රථ, යතුරුපැදි ධාවන තරග දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන පථයෙදී ඉකුත් අප්‍රේල් මස 21 වැනිදා පැවත්විණ .

එහිදී ෆෝඩ් ලේසර් මැස්ඩා එන්ජින් ධාරිතාව 1500 සිසි මෝටර් රථ කාණ්ඩයේ තරගයේදී තරග වැදුන මෝටර් රථ දෙකක් එකිනෙක ගැටි එක මෝටර්රථයක් ධාවන පථයෙන් ඉවතට පැන නරඹන්නන් රැදී සිටි ඉසව්වට කඩා වැදීමෙන් මෙම මාරක මෝටර් රථ අනතුර සිදුවිය.

එම අනතුරින් එදින අවුරුදු 8 ක් වයසැති සිගිති දැරියක ඇතුලු හත්දෙනෙක් මියගොස් 21 දෙනෙක් තුවාල ලැබූහ.

මෙම ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරගය නැරඹීමට ගොස් සිදුවු මාරක මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 25 නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම ලාබාල තරුණිය මෙසේ මියගිය බවද පොලිසිය සදහන් කළේය .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *