BREAKING NEWS
Search

අංජලිව මට හම්බවුණේ අවුරුදු 21දි – එයාව ජීවත් කරවන්න බෑ එයාගේ හදවත වැඩ නෑ කිව්වා – සුජීවා කියන සංවේදී කතාව

237

එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය ගායන ශිල්පිනියක් තමයි  කේ සුජීවා කියන්නේ.ඇය ගැන කතා කරද්දි ඇය විසින් ගායනා කරපු ඉඟි මරණ තරු රෑන කෝ කියන ගීත නිසා තමයි ඒ සුජීවා කියන චරිතය බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ.

ඒ සියලු දේවල් එක්ක ඇය ජීවිතය නොයෙකුත් අභියෝගවලට මුහුණ දුන්නා. විශේෂයෙන්ම ආදරය කසාදය කියන තැනදි ඇයට වැරදුණු තැන් බොහොමයි.එක්තරා අවස්ථාවකදී ඇය කියන විදිහට ඇය ජීවිතයේ විඳින්න ඕනේ සියලුම අත්දැකීම් ඇඳපු කෙනෙක්. ඇයට දැන් ඉතුරු වෙලා තියෙන්නේ මැරෙන්න විතරයි ඒ අත්දැකීම විතරයි තාම ඇයට අඩුයි.

සුජීවගේ ජීවිත කතාව ගැන අහද්දි අංජලී කියන්නේ ඇයගේ ජීවිතේ පළවෙනිම දරුවා. ඉතින් ඇය ඉපදුනු විදිහ පිළිබඳව එක්තරා අවස්ථාවකදී සුජීව කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“අංජලීව මට හම්බවෙන්න ඉද්දි මට අවුරුදු විසි එකයි. ඒ නිසා ඒකෙ ලොකු බරපතලකමක් මම දන්නෙ නැහැ.එතකොට අපේ ගෙදර බබෙක් හිටියේ නෑ අපේ අයියයි අක්කයි බැඳලා හිටියට එයාලට බබාලා හිටියෙ නෑ.මට බබේ කම්බෙන්න ඉන්නවා කිව්වහම ඔක්කොමලා පුදුම උනා මොකද අපේ පවුලට

හම්බවෙන පළවෙනි බබා.අන්ජණි මගේ බඩේ ඉන්න ඕනි දවස් ගානටත් වඩා වැඩිපුර හිටපු කෙනෙක්. එයා දවස් 14ක් හිටියා. ඩොක්ටර්ලා කිව්වා අම්මව බේරගන්න පුළුවන් ඒත්  දරුවගේ හදවත වැඩ නෑ කියලා.හැබැයි අන්තිමට අංජලී වාසනාවන්ත උනා ජීවත් වෙන්න”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *