BREAKING NEWS
Search

නෙළුම් කුළුණෙන් විදේශිකයෙකු ඇද වැටෙයි.. ඒ බිහිසුණු අත්දැකීම ගැන ඇහෙන අලුත් කතාව මෙන්න..

150
අද එතනට එක රැස්වුණු බොහෝ දෙනාට විශේෂ දවසක්.. ඒත් එකපාරටම සිදුවුණේ කවුරුත් නොසිතූ දෙයක්..

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා…

එහිදී මෙම ඉසව්වට සහභාගි වූ විදේශිකයා ඉන් ඇද වැටෙන අවස්ථාවේදී පැරෂුටය විවෘත වීම ප්‍රමාද බැවින් ඔහු වහලය මතට ඇද වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ…

මෙම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ විදේශිකයා වහා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *