BREAKING NEWS
Search

කැරට් කෑල්ලේන් ආ මරුවා සිඟිත්තා ඩැහැගනී

937

කැරට් අල කැබැල්ලක් උගුරේ සිරවීමෙන්  මාස 19ක බිළිදකු මියගොස් ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේදී  සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණ වූ බව සාලියවැව පොලීසිය පැවසීය.

මියගොස් ඇත්තේ සාලියවැව යාය හත පදිංචිව සිටි සවීන් දුල්සඳ උපාධ්‍ය නමැති අවුරුද්දයි මාස හතක බිළි‍‍‍දෙකි.

11 දින සවස සිය නිවසේ සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවත් එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වී ඇති මව්පියන් දරුවාව 1990 ගිලන් රථ සේවාව ඔස්සේ නොච්චියාගම දිසා රෝහලට රැගෙන ගොස් ඇති බවත් කීවේය.

එහිදී කඩිනමින් දරුවාව නොච්චියාගම දිසා රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට යැවීමට පියවර ගෙන ඇති බවත් නමුත් එසේ රැගෙන ගියද දරුවා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලීසිය සදහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *