BREAKING NEWS
Search

පාලිත තෙවරප්පෙරුමට අන්තිමට තිබ්බ එකම ආසාව පාලිතගේ රියදුරු හඬමින් හෙළි කරයි

416

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ 64 වන ජන්ම දිනට 03 දිනට යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් ඔහුගේ පුත් නුෂාන් තෙවරප්පෙරුම මහතා සිය පියාගේ නිසල නිවහන අලෝකමත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

පාලිත හා ගෙවුණු අමතක නොවන දින ගැනත්, ඔහුගේ සුන්දර දඩබ්බරකම් ගැනත් පාලිතගේ රියදුරු මේ විදිහට හෙළි පෙහෙළි කළා.

‘මට නම දාලා තියෙන්නෙ පාලිත තෙවරප්පෙරුමගේ සුපිරි ඩ්‍රැයිවර් කියලා. ඒ කියන්නෙ මම තරම් ස්පීඩ් යන වෙන කෙනෙක් නෑ. මට පාලිත අයියා ඇමතිකමක් හම්බුණ වෙලාවේ මගෙන් ඇහුවා, උඹට ලේකම්කම ද ඔිනි? ඩ්‍රැයිවර්කමද කියලා. මම කිව්වා මම ආවේ, පාලිත අයියව ආරක්ෂා කරන්න කියලා. මම මේකේ වාඩිවෙලා වාහනේ එළව්වොත් පාලිත අයියට ආරක්ෂාව තියෙයි. නැතුව මම මෙතනට වෙන කවුරු හරි දැම්මොත්, සනත් නිශාන්තගේ ඩ්‍රැයිවර් වගේ වෙනවා. මම පෙන්නන්නම්. පාර්ලිමේන්තුවේ අවුරුදු 10ක් හිටියා. අපි කෑවේ දවස් 2යි පාර්ලිමේන්තුවෙන්. මම කෑවට පාලිත අයියා කාලා නෑ. කන්න යමුද ඇහුවම කියනවා, ඔය සල්ලි අපරාදේනේ මචං කියනවා…’

‘ලොකු පුතා නැතිවුණාම එයා අවුරුදු දෙක තුනක් යනකන්ම පුතාගේ සොහොනේ තමයි නිදාගත්තෙ. එයාට නින්ද යනකන්ම අපි ඉන්නවා බලාගෙන. පාලිත අයියා එයාටම සොහොන හදද්දි මට කිව්වා, ‘එක දවසක් නිදාගෙනත් බලන්න ඔිනි’ කිව්වා. උඩටත් යකඩ ප්ලෙට් දාන්න එයාට ප්ලෑන් එකක් තිබ්බා…’

‘පාලිත අයියට ලොකු ආසාවක් තිබුණා, යුද්දෙ පටන් ගත්තනේ, යුක්රේන යුද්ධය.. එහේ හමුදාවටත් යමුද ඇහුවා මගෙන්. පාලිත අයියා ගමට උදව් කළා, රටට උදව් කළා, අන්තිමට මට හිතෙන්නෙ එයාට ලෝකෙට මොනා හරි කරන්නත් හිතෙන්න ඇති..’




Leave a Reply

Your email address will not be published. Required fields are marked *