BREAKING NEWS
Search

ඇපල් සමාගමට විශාල අලාභයක්

521

අමෙරිකාවේ සුප්‍රකට ඇපල් සමාගම වසරකට වැඩි කාලයක් තුළදී සිදුවූ විශාලතම අලෙවි පහත වැටීම වාර්තා කර ඇත.

මෙම වසරේ පළමු මාස 03 තුළ එහි අලෙවිය සියයට 4කින් එනම් අමෙරිකානු ඩොලර් බිලියන 91ක් දක්වා පහත වැටී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

අයිෆෝන් අලෙවිය සියයට 10කින් පහත වැටී ඇති අතර එය සමාගමේ සමස්ත අලෙවිය පහත වැටීමට බලපා තිබේ.

අයිෆෝන් අලෙවිය පහත වැටී ඇත්තේ මෙම වසරේ පළමු මාස 03 තුළ ගෝලීය ස්මාර්ට්ෆෝන් අලෙවිය ඉහළ ගොස් ඇති පසුබිමක වීම විශේෂත්වයකි.

කෙසේ වුවද, නව නිෂ්පාදන සහ කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ ආයෝජන ඉහළ දැමීමෙන් විකුණුම් ඉහළ යනු ඇතැයි යන්න ඇපල් සමාගමේ අපේක්ෂාවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *