BREAKING NEWS
Search

සිය දියණියට හිරිහැර කර වීඩියෝව සමාජ මාධ්‍යට දැමූ පුද්ගලයාට අවසානයේ සිදු වූ දේ

316

විදෙස්ගතව සිටින තම බිරිඳ ව ආපසු ගෙන්වා ගැනීමේ අරමුණෙන් සිය කුඩා දියණිය ට හිරිහැර කරමින් එය වීඩියෝ කර සමාජ මාධ්‍යට මුදාහළ පුද්ගලයෙක්ව බලන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා බලන්ගොඩ පෙටිටිගල ප්‍රදේශයේ පදිංචි  27 හැවිරිදි  පියෙකි.

මීට මාස නවයකට පමණ ඉහතදී මෙම දියණියගේ මව විදෙස්ගතව තිබුණේ දියණිය රැකබලාගැනීමේ වගකීම සැමියාට සහ ඔහුගේ මව්පියන් වෙත භාරකරමිනි.

එම දැරිය  මේ වනවිට බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින්නීය.

සැකකරුව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔහුව ලබන  17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සුව වූ පසු දැරිය ව ඇයගේ මවට භාරදීමට නියමිතය.

මව පැමිණෙන තෙක් ඇය ව පරිවාස භාරයට යොමුකරන බව පොලීසිය පැවසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *