ඔහු අපේ රටේ සුප්‍රකට සංගීත ශිල්පියෙක්..
දරුවන්ට ක්‍රමිකව සංගීතය කියා දෙන්නට ඔහු දැරූ මහන්සියේ එක් ප්‍රතිඵලයක් ලෙස “එරන්දතී” කලායතනයද පෙන්වා දෙන්න පුළුවන්..
එහි නිර්මාතෘවරයා වූ ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව සූරීන් ඊයේ අප අතරින් වෙන්වුණා.. ඔහුගේ ආදරණීය දියණියද අද වෙද්දී රටක් හඳුනන ගායන තාරකාවක් වෙන සමිතා එරන්දතී මුදුන්කොටුවයි..
සමිතා කියන්නේ ගොඩක් සංවේදී තැනැත්තියක්.. ඒ වගේම තමයි පසුගිය කාලයේ ඇගේ මවගේ වියෝවත් එක්ක සමිතා තව තවත් කඩා වැටුණා..
ඉතින් ඇය කෙසේ නම් මේ දුක දරාගනීවිද..? පියාගේ නිසල දේහය ළඟ හඬා වැටෙන සමිතාගේ දුක බෙදාගන්න ඇයට ආදරය කරන විශාල පිරිසක් එක්ව තිබුණා..
පවුලේ ළඟම හිතවතුන් වගේම කලා තරු විශාල පිරිසකුත් ඒ අතර වුණා..


























