BREAKING NEWS
Search

පෝස්ට් එකට කමෙන්ට් කරපු උපාසක උපාසිකාවෝ මගෙයි මගේ දුවගෙයි වයස, මම කසාද බැදපු වයස…ගැන එහෙම ගණන් හද හද බලනවා මම දැක්කා – දිනේෂ්ගෙන් සැර කතාවක්

655

කලා ලෝකය තුළ දක්ෂ ගායකයෙක් විදිහට බින්දුවේ පටන් ඉහලටම ගියපු ආදරණීය චරිතයක් තමයි දිනේෂ් තරංග කියන්නේ.ඔහු අද වෙද්දී මුළු ලෝකයක් දන්න දක්ෂ ගායකයෙක් වෙලා.දිනේෂ් විශේෂයෙන්ම ප්‍රසිද්ධ වුණේ ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව ඔහු බෙදා හදාගත්තු ආදරණීය කතා නිසයි.

දිනේෂ් විවාහ වෙන ඔහුට වඩා ගොඩක් වයසින් වැඩිමහල් තරුණියක් සමග.හැබැයි ආදරේට වයස ප්‍රශ්නයක් නෑනේ. ඒ නිසාම මේ දෙන්නත් එදා ඉඳන් අද දක්වාම ගොඩක් ආදරෙන් අවබෝධයෙන් ජීවිතේ ගත කරනවා.

දිනේෂ්ට හරියටම එයාගේ බිරිඳ අම්ම කෙනෙක් වගේ. දිනේෂ් එයාට ආදරේට කතා කරන්නෙත් අම්මි කියලා.මේ විදිහ ආදරණීය දියණියන් දෙදෙනෙකුගේ මවක් සහ පියෙක් වෙන ඔවුන් ජීවිතය හරි ලස්සනට අපූරුවට ගත කරනවා.ඊට අමතරව දිනේෂ්ගේ සියලුම දේවල් පාලනය කරන්නේ එයාගේ බිරිඳ.

මේ අවුරුදු 14ටම අද වෙනකම් එකම එක සැරයයි දිනේෂ්ගේ අතට එයාගේ ෆෝන් එක හම්බවෙලා තියෙන්නේත් ඒ ප්‍රශ්නයක් වෙලා නිසා.ඒ වෙනකම්ම බිරිඳත්තේ තමයි ඔහුගේ ෆෝන් එකක් තියෙන්නේ. ඉතින් ඒ දේවල් සම්බන්ධයෙන් ඔහු කිව්වේ මේ වගේ කතාවක්.

“ප්‍රශ්නයක් වුණු නිසා අවුරුදු දාහතරටම එක සැරයයි මගේ අතර ෆෝන් එක ආවේ. මගේ ෆෝන් එක මේ අවුරුදු 14ම වයිෆ් අතේ තමයි තියෙන්නේ.මගේ ශෝචල් මීඩියා ඔක්කොටම රිප්ලයි කරන්නේ එයා. ඉස්සර තහංචි තිබුණා. දැන් නම් නෑ. මගේ නිදහස මට උපරිමෙන් දීල තියෙනවා. අද වුණත් කියන්නේ ඔයා යන තැනක ඔයාගේ ජොබ් එක හොඳින් කරලා ගෙදර එද්දී ඔයා මගේ කියන හැඟීම විතරක් මතක තියාගන්න කියලා”

දිනේෂ් පසු ගිය දිනකදී රසිකයන් අන්දොනාත්ම ලෙස කමෙන්ට් කල ජායාරුපයක් සම්බන්දයෙන් මේ විදිහට අදහස් දක්වලා තිබුනා.

මේ ක්ලිප් එකේ ඔරිජිනල් පෝස්ට් එකට කමෙන්ට් කරපු උපාසක උපාසිකාවෝ මගෙයි මගේ දුවගෙයි වයස, මම කසාද බැදපු වයස…ගැන එහෙම ගණන් හද හද බලනවා මම දැක්කා!!!
සැනසීමෙන් ඉන්නලා අනේ……. කාලා බීලා සතුටින් ඉන්නලා….. තමුන්ගේ වගකීම් ඉටු කරන්නලා…….
“මේ මගේ ලෙයින් එළිය දැකපු මගේ ලස්සන අවුරුදු 12ක චූටි දුව – ෆේත් ට්රිනිටි සාරා ප්රනාන්දු”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *