BREAKING NEWS
Search

අකුණු සැර වැදී එකම පවුලේ දරු දෙදෙනා මරුට

381

රත්තොට, වැල්ගාලයාය ප්‍රදේශයේ නිවසක සිටි සහෝදරයෙකුට හා සහෝදරියකට අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (29) සවස් කාලයේදී ඇති වූ වර්ෂාව සමග අකුණු සැර වැදී ඇති බව පොලීසිය පවසයි.

අකුණු සැර වැදී මියගොස් ඇත්තේ, වැල්ගාලයාය, රත්තොට ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි කුඩා දැරියක් හා 23 හැවිරිදි තරුණයෙකි.

ඔවුන් එකම පවුලේ සහෝදරයන් බව පොලීසිය පවසයි.

මෘත ශරීර රත්තොට රෝහලේ තැන්පත් කර ඇති අතර රත්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *