BREAKING NEWS
Search

වාහන ආනයනය සම්බන්ධයෙන් නව කොන්දේසියක්

181

රජය විසින් රථ වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන්නේ නම් භාවිත කරන ලද වාහන ආනයනය කිරීමටද වැඩි ඉඩක් ලබා දිය යුතු බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ.

ඔවුන් ඉල්ලා සිටින්නේ, අවසන් වරට වාහන ආනයනයේ දී පාවිච්චි කරන ලද වාහන සඳහා ලබා දුන් වසර 3 වසර 7ක් දක්වා හෝ ඉහළ දමන ලෙසටයි.

එසේම භාවිත කළ වාහන ආනයනය කළහොත් අලු‍ත් වාහනවලට වඩා අඩු මිලකට ලබා දිය හැකි බවද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටිනවා.

ඒ තුළින් රජයට හිමිවන බදු ආදායමේ වෙනසක්ද සිදු නොවන බවයි, එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා කියා සිටියේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *