BREAKING NEWS
Search

බස් ධාවනය ගැන දැනුම්දීමක්

118

අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා ගිය මගී ජනතාවගේ පහසුව සඳහා අද (17) දිනයේ බස් රථ වැඩි ධාරිතාවයකින් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමයන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, දිවයින පුරා බස්රථ 9,000ක් යොදා ඇති බවය.

අද සිට සමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකරන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ මහතා පවසයි.

දුම්රිය රියදුරන්ගේ සංගමයේ සභාපති චන්දන වියන්දුව මහතා සඳහන් කළේ, සියලුම රියදුරන් ධාවනාගාර වෙත පැමිණීම හේතුවෙන් ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය සිදුකළ හැකි බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *