BREAKING NEWS
Search

බෝට්ටු අනතුරින් ජීවිත 6ක් අහිමිවෙයි

238

ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීර ශ්‍රීනගර් ප්‍රදේශයේ ළමුන් පාසල් ප්‍රවාහය කරමින් තිබූ බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, මියගිය අය අතර කාන්තාවක් සහ ඇගේ දරුවන් දෙදෙනා ද වන බවය.

ළමයින් තිදෙනෙකු තවදුරටත් අතුරුදහන් වී ඇති අතර ඔවුන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව සඳහන්ය.

ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ඟගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, අනතුර සිදුවන අවස්ථාවේදී පුද්ගලයින් 15 දෙනෙකු බෝට්ටුවේ ගමන් කර ඇති බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *