BREAKING NEWS
Search

පාලිත තෙවරප්පෙරුමගේ දේහය රැගෙන යන අයුරු නවතම දර්ශන – අවසන් කටයුතු ලබන සෙනසුරාදා

1086

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීහු සඳහන් කළහ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) අභාවප්‍රාප්ත වී තිබිණි.

මියයන විට 64 වැනි වියෙහි පසුවු තෙවරප්පෙරුම මහතාගේ මරණයට හේතුව විදුලි සැර වැදීමක් බව ඥාති පුත්‍රයෙකු සඳහන් කළේය.

1960 වසරේදී උපත ලැබූ පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා ශ්‍රී ලාංකේය දේශපාලනයේ කතාබහට ලක්වුණු පෙරළිකාර චරිතයකි.

2002 වසරේදී මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ පාලිත තෙවරප්පෙරුම මහතා බස්නාහිර පළාත් සභාවේ සභිකයෙකු ලෙසද කටයුතු කළේය.

2010 වසරේ සිට 2020 වසර දක්වා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඔහු ස්වදේශ කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ක්‍රියා කළේය.

පාලිත තෙවරප්පෙරුම මහතා සිය සුසානය ජීවතුන් අතර සිටියදීම නිර්මාණය කර තිබීමත් රට තුළ කතාබහට ලක්වුණු තවත් මාතෘකාවක් වුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *