BREAKING NEWS
Search

මේ තවත් අපරික්ෂාකාරී රිය ධාවනයක්.. සිඟිති මලක් මිලින කළ වැල්ලවායේ මාරක අනතුරේ cctv දර්ශන

228

මහ මග යන වාහන දැන් ගොඩක් කළබලකාරීයි..

ඒ වගේමයි හැකි සෑම වෙලාවකම අපි අපේ පරිස්සම බලාගෙන වැඩ කරන එකයි ගොඩක් වැදගත්..

ඒත් දිවයිනේ එක එක ප්‍රදේශවලින් වාර්තා වෙන නොහික්මුණු රිය ධාවන නිසා අසරණ ජීවිතය වන්දිගෙවූ පුවත් අපට අසන්න දකින්න ලැබෙනවා..

මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ ඛේදනීය කතාවක්.. මේ පුවත ඇහෙන්නේ වැල්ලවාය ප්‍රදේශයෙන්.. වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය IOC ඉන්ධන පිරවුම්හල ආසන්නයේ දී ත්‍රීරෝද රථයක් සහ ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා…

 

එම අනතුර සිදුවන විට ත්‍රීරෝදරථයේ මව පියා සහ අවුරුදු 2ක් වයසැති දරුවෙකු එහි ගමන් කර තිබුණා.. කෙසේ වෙතත්,මෙම අනතුරින් සිදුවුණේ කාටවත් හිතාගන්න බැරි දෙයක්..

ත්‍රිරෝද රථයේ ගමන් ගත් වයස අවුරුදු දෙකයි මාස අටක දරුවෙක් අවාසනාවන්ත ලෙස මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණා..

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැල්ලවාය, ආනපල්ලම ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක් වන අතර, අනතුරින් තුවාල ලැබූ දරුවාගේ මව සහ පියා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, මව වැඩිදුර ප්‍රතිකාර සදහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා…

අනතුරින් අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇති අතර,
සැකකාර රියදුරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *