BREAKING NEWS
Search

මොරටු සිසුවා හිටි හැටියේ මිය යයි

428

මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු තාවකාලිකව නවාතැන් ගෙන සිටින කාමරයේදී හදිසියේ රෝගාතුරව පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවම මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව මෝල්පේ ජයමාවත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි හාලිඇල, උණුගොල්ලවත්ත, අඟුරුමලේ කොටසේ පදිංචිව සිටි සතාසිවම් විනෝද්  නැමැති වාස්තු විද්‍යා පීඨයේ අවසන් වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවෙකි.

මියගිය සිසුවා තවත් සිසුන් හය දෙනෙකු සමඟ බෝඩිං කාමරයේ නවාතැන් ගෙන සිටින අතර මධ්‍යම රාත්‍රී 12.30 ට පමණ තවත් මිතුරන් දෙදෙනකු සමග බෝඩිම ආසන්නයේ ආපනශාලාවකට ගොස් කිරි තේ පානය කර අවසන් වරට බෝඩිම කරා විනාඩි පහළොවකින් පමණ පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *