BREAKING NEWS
Search

පොලිස් අත්අඩංගුවේදී 24ක් මියගිහින්

135

පොලිස් අත්අඩංගුවේ සිටියදී 2023 වසරේ පුද්ගලයන් 24 ක් මියගොස් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.

‘යුක්තිය’ මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පැමිණිළි 44 ක් ලැබී ඇති බවත් පසුගිය වසරේ එම කොමිසමට පැමිණිළි 9,714 ක් ලැබුණු බවත් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය.

 

සාදය මරණයෙන් කෙළවරවෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

වනාතවිල්ලුව කාටුපුලියන්කුලම ප්‍රදේශයේ නිවස පැවති සාදයක් අතර තුර ඇතිවු ගැටුමකින් 38 හැවිරිදි අයකු බරපතල තුවාල ලබා රෝහල් ගතකිරීමේන්පසු මියගොස් ඇතැයි වනාවිල්ලුව පොලිසිය පැවසිය.

මෙසේ මරණයට පත්ව ඇත්තේ අසංක සංජීව කරුණාරත්න නැමති 38 හැවිරිදි පුද්ගලික කජූ වත්තක මුරකරුවකු ලෙස සේවය කල අයකු බව පොලිසිය කියයි.

මරණයට පත් තැනැත්තා ඔහුගේ මිතුරන් සමග සාදයක් පවත්වමින් සිටියදී ඇතිවු බහිස් බස් විමකින් පසු පොලු මුගුරු වලින් පහර දීමේන් පසු බරපතල තුවාල ලබා සිටිදී රෝහල්ගත කර තිබේ.

අදාල මරණය සම්බන්ධව මෙම පහර දීමට සම්බන්ධව මරණයට පත් තැනැත්තාගේ මිතුරෙකු වනාතවිල්ලුව පොලිසිය විසින් අත් අඩංගුවට ගැනිමට කටයුතු කර තිබුණි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *