BREAKING NEWS
Search

මාලිමාවේ ප්‍රබල ක්‍රියාකාරිණියක් ඝාතනය කරයි

337

ජාතික ජන බලවේගයේ තෙල්දෙණිය කාන්තා බල මණ්ඩලයේ ප්‍රබල ක්‍රියාකාරිණියක් ඝාතනය කර තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇගේ අනියම් සැමියා බව කියන ද්විත්ව පුරවැසිභාවයක් හිමි 50 හැවිරිදි අයෙක්.

ඝාතනයට ලක් වී ඇති කාන්තාව කුණ්ඩසාලේ පදිංචි තැනැත්තියක්.

පසුගිය 24 වැනිදා ඇය රාත්‍රී කාලයේ කුණ්ඩසාලේ නාර්න්ද්‍රසිංහ මාවතේ සිය අනියම් සැමියාගේ නිවසේ රැදී සිට ඇති අතර පසුව වැටී තුවාල වූ බව පවසමින් මොහු ඇයව මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එහිදි ඇය ජීවිතක්ෂයට පත් වී ඇති බවටයි පොලිසිය සඳහන්කර සිටියේ.

කෙසේ වෙතත් තුවාල සම්බන්ධයෙන් ඇතිවුණු සැකයක් මත රෝහලින් ඒ බව පොලීසිය දැනුවත් කර ඇති අතර ඒ අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොට ආයුධයකින් පහරදී ඇයව ඝාතනය කර ඇති බවයි.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරු තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *