BREAKING NEWS
Search

ඕස්ට්‍රේලියා යන්න ඉන්න අයට අසුභ පණිවිඩයක්

204

විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩි කිරීම මෙම සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ශිෂ්‍ය සහ උපාධි වීසා සඳහා ඉංග්‍රීසි භාෂා අවශ්‍යතාව වැඩි කිරීමට ද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් ගණන විශාල ලෙස වැඩි වී ඇති බවට හෙළි වූ නවතම දත්ත වාර්තා වලට අනුවයි.

මෙලෙස සංක්‍රමණිකයින්ගේ පැමිණීම වැඩිවීම හේතුවෙන් එරට තුළ කුලි නිවාස වෙළෙඳපොල තරගකාරීත්වය නොසිතූ ලෙස වර්ධනය වී ඇති බව ද වාර්තා වනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *