BREAKING NEWS
Search

ගාන ඇහුවොත් ආයෙත් තැබිලි බොන්න හිතෙන එකක් නෑ

118
උණුසුමත් සමග ගොඩ දෙනෙක් ශරීරය විජලනය වීම වලක්වා ගැනීම පිණිස ජලයට අමතරව තැඹිලිද පානය කරන්නට පුරුදු වුණා.

වෙළඳපලෙන් තැඹිලි මිල දී ගැනීමට වඩ වඩාත් පෙළඹීමත් සමග ගමේ ගොඩේ තැඹිලිවලට විශාල ඉල්ලුමක් ඇති වුණා.

මේ ඒ සමගම වෙළඳපලේ ඇති වී තිබෙන වෙනස්කම් ගැන කියවෙන පුවතක්.

මෙම මිල ඉහළ යාමට හේතුව වී ඇත්තේ තැඹිලි ඵලදාව අඩුවීම සහ ඉල්ලු‍ම වැඩිවීමයි.

ඒ අනුව, රුපියල් 100ත් 150ත් අතර පැවති තැඹිලි ගෙඩියක් මේ වනවිට රුපියල් 180ත් 250ත් අතර මිලකට අලෙවි වන බවයි පාරිභෝගිකයින් ප්‍රකාශ කළේ.

එසේම මේ දිනවල කුරුම්බා ඉල්ලු‍ම ද ඉහළ ගොස් ඇති බව වෙළෙන්දන් පවසනවා.

පවතින උණුසුම් කාලගුණික තත්ත්වයත් සමග පාරිභෝගිකයින් කුරුම්බා පානය කිරීමට ද පෙළඹී ඇති බවයි වාර්තා වන්නේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *