BREAKING NEWS
Search

රඟපාන්න ආසයි කියන තරුණියන් රෑට රෑට කාමර ඇතුළට… තරුණියන් මුලාකළ දොස්තර අනංගයාට අවසානයේ වුණ දේ

131
රඟපාන්න අවස්තාවක්.. ඒක සමහර තරුණියන්ගේ හීනයක්..  ඇයත් ඒ වගේම තරුණියක් වෙන්න ඇති..

ඒ ආසාව ඉෂ්ට වෙනවා කියලා දැනෙනකොට ඇයට දැනෙන සතුට..

මේ කියන්න යන්නේ ඒ වගේ හීනයක් වෙනුවෙන් හීන දැක්ක තරුණියන් කීපදෙනෙකුට අත්වුණු ඛේදනීය පුවතක්..

නිරූපණ ක්ෂේත්‍රයට බඳවාගන්නා බව පවසමින් සහ රඟපෑමට අවස්ථාවන් ලබා දෙන බව සඳහන් කරමින් තරුණියන් රවටා හෝටල් කාමර වෙත ගෙන්වාගත් නුවර රජවැල්ලේ හොර වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා..

ඔහු මේ පිළිබඳව මුහුණු පොතේ දැන්වීම් පළ කර තරුණියන් මුලාවට පත් කර ඇති බවයි වාර්තා වන්නේ..

සුරූපී තරුණියන් නිරූපණ කටයුතු සඳහා බඳවා ගන්නා බවට පවසමින් ඔවුන්ගේ ඡායාරූප හා වීඩියෝ ගෙන්වා ගෙන තෝරාගත් එක් එක් තරුණියන් සම්මුඛ පරීක්ෂණ සඳහා වෛද්‍යවරයෙකුට යොමු කර තිබෙනවා..

කෙසේ වෙතත් වෛද්‍යවරයා ලෙසද පෙනී සිට ඇත්තේ අදාළ සැකකරුම වන අතර ඔහු තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඔවුන්ට තර්ජනය කර විවිධ අතවර කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ..

තරුණියන් 15 දෙනෙකු පමණ මෙම පුද්ගලයාට එරෙහිව පොලිසියට කළ පැමිණිලි අනුව මොහුව අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද(14) කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *