BREAKING NEWS
Search

මන්දාකිණි – පලමුවන දිගහැරම

176

පලමුවන පලමුවන දිගහැරම
(1 කොටස )

✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨

සචින් ඉන්නකෝ මාත් එනකල්..

මම ඉක්මනින් බෑග් එක අරගෙන එලියට දිව්වේ නැත්තම් මේ නපුරා මාව දාලා යන නිසා. හෙල්මට් එකත් ඔලුවට දාගන්න ගමන් මං ඉක්මනින් සචින් ගාවට දිව්වා.

බයික් එකට නැගලා වැඩපල ගාවට යනකල් සචින් මා එක්ක එක වචනයක් කතා කරෙ නෑ.

අනේ මන්දා ඉස්සර වගෙ නෙවෙයි.. මගේ සචින් දැන් හරිම නපුරුයි..

මං වැඩපල ගාවින් බැස්සාත් සචින් මට යන්නම්වත් නොකියා හෙල්මට් එකත් අරන් යන්න ගියා. ඇස් වලට කදුලු ඉනුවත් මං ඉක්මනින් හැගීම් පාලනය කරගත්තේ වැඩපලේ අය දැක්කොත් හරි නැති නිසා.

ඔක්කටම වඩා හපන් අපේ වැඩපලේ පහල සේවකයෝ.. ඔෆිස් එකේ මිස් කෙනෙක් අඩනවා දැක්කොත් ඉතින් ආයේ ඔෆිස් ගිහින් හමාරයි..

මං ඔෆිස් එකට ගිහින් වැඩ පටන් ගත්තේ සුපුරුදු විදිහට. සචින් මේ විදිහට හැසිරෙන හැම දවසකම මං වැඩ කරන්නේ හිතේට කිසිම ඉඩක් නොදී.

ලන්ච් ටයිම් එකට කෑම එකත් අරන් සයුරි එක්ක ගියේ අපේ සුපුරුදු තැනට. මගේ මූණ දැක්කාම සයුරි දන්නවා මං ඉන්නේ ප්‍රශ්නෙකද නැද්ද කියලා.

මොකෝ බං උනේ.. අදත් වලි නේද..

සයුරි ඇහුවේ බත් එක දිග අරින ගමන්.

ඔව් බං..

මං ඊට එහා මොකුත් නොකිව්වේ මගේ පවුල් ජිවිතේ දේවල් කවුරුත් දැනගන්නවට අකමැති නිසා.

සයුරි ඒක දන්නවා..

ඔහොම තමයි බං පවුල් උනාම..

සයුරි හිනාවෙලා කිව්වේ කියන්න වෙන දෙයක් නැතිකමට කියලා දන්නවා.

ඒ එක්කම එනවා දැක්කේ යාලුවෝ කට්ටිය එක්ක එන දිල්ශාන්ව. මං ඉක්මනින් ඇස් ඉවතට ගත්තත් ඒ වෙද්දී දිල්ශාන් මං බලන් ඉන්නවා දැකල ඉවරයි

ආපෝ… ඔන්න එනව මලවදේ..

මං හෙමින් සයුරිට කිව්වේ අපි දිහාවට එන දිල්ශාන්ව පෙන්නලා.

ආ… මන්දාකිණි… කාලා ඉවරද..

ඔව්.. අපි මේ යන්න නැගිටින්න ගියේ..

මං කිව්වේ කියාගන්න දෙයක් නැතිකමට

බොරු නොකියා කනවා.. මේ මේකිගේ බත් එක එහෙම්මමයි.. තාම දිගඇරලත් නෑ..

දිල්ශාන් කේන්තියෙන් එහෙම කියලා යද්දි මගේ හිතට දැනුනේ කියාගන්න බැරි තරම් සතුටක්..

දිල්ශාන් කියන්නේ මං මේ ඔෆිස් එකට ආපු දවසේ ඉදන්ම මගේ පස්සෙන් එන පිස්සෙක් කිව්වොත් හරි.. දිල්ශාන් මගෙම ආදරේ ඉල්ලද්දිත් මං සචින් එක්ක යාලුවෙලා හිටියේ.. මං කොච්චර තේරුම් කරත් තේරුම්ගන්නේ නැති දිල්ශාන්ව මට එපාම වුනේ මැරි කරාට පස්සෙත් මගේ පස්සෙන් එන නිසා.. කෙල්ලන්ව විහිලුවට ගන්න මේ වගේ අයවනම් මට පෙන්නන්න බෑ..

කෑම කාලා සුපුරුදු විදිහට වැඩ පටන් ගත්තා. 5.30 වෙනවා තේරුනෙත් නෑ.. ඉක්මනින් බෑග් එකත් අරන් හෝල්ට් එකට දිව්වේ බස් එක මග ඇරුනොත් පැයක් ඉන්න වෙන නිසා. බස් එකට නගින්න යද්දිම බයික් එකේ ඇවිත් මගේ ඉස්සරහින් නතර වුනේ සචින්. මට දැනුනේ පුදුමයක්.. සචින් මේ වෙලාවට මාව ගන්න කවදාවත්ම ඇවිත් නෑ..

මං ඉක්මනින් එයා ගාවට ගියා.. සචින් මට හෙල්මට් එක දුන්නේ යාන්තමට පොඩී.. හිනාවක් මූනේ රදෝගෙන..

ම්….. මූඩ් එක නම් හොදයි අද..

හෙල්මට් එක දාගන්න ගමන් මං මටම කියාගත්තේ සතුටින්..

බයික් එකට නැග්ග මං වචනයක් වත් කතා නොකරේ එයාම කතා කරනකල්.

අද හෆ්ඩේ එකක් දැම්මා..

සචින් කිව්වේ ටික දුරක් යද්දි.

ඒ මොකද හදිස්සියේ..

නිකන්.. මට හිතුනා අද මගේ නෝනා එක්ක ටිකක් ඉන්න..

ඔයානම් හරි කපටී සචින්.. උදේ මට බොරුවට කෑ ගහලා… දැන් එනවා මෙතන හුරතල් වෙන්න..

මං කිව්වේ ආසාවෙන් ඒ පිටට ඔලුව තියාගන්න ගමන්..

වෙනදට වඩා ඉක්මනින් ගෙදර ආවේ සචින් නිසා.. ඉක්මනින් නා ගත්ත මං කෑම හදන්න ගත්තේ සචින්ට තේ එකක් හදලා දීලා. මගේ හිතට අදනම් හරිම සතුටු දවසක්. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි. සචින් ගෙදර නිසා.. වෙනදට එයා ගෙදර එද්දි රෑ 10 විතර වෙනවා. ඒ ඇවිත් කාලා නිදාගන්නවා.. අපි දෙන්නාට කතා කරන්නවත් වෙලාවක් නැති තරම්.. අද ඉතින් එයා එක්ක මට ඉන්න තියන කාලේ වැඩී..

මං ඉක්මනින් නූඩ්ල්ස් හදලා පරිප්පු හොද්දක් හදලා සොසේජස් පැකට් එකක් හදලා සචින් ගාවට දුවලා ගිහින් ඇදට වැටිලා සචින්ට තුරුල් වුනේ ආශාවෙන්.. මාව ආදරෙන් තුරුල් කරගත්ත සචින් මගේ නලල ආදරෙන් සිප ගද්දි මට දැනුනා සචින් ඉන්නේ මොකක් හරි ප්‍රශ්නෙක කියලා.

සචින්.. මොකක් හරි ප්‍රශ්නයක්ද..

නෑ… ඇයි එහෙම අහන්නේ..

නෑ මට එහෙම දැනුනා ඒකයි..

එහෙම දෙයක් නෑ පැටියෝ..

සචින් මගේ මූන අතොරක් නැතිව සිප ගද්දි මමත් ආසාවෙන් හිටියේ සචින්ගේ උනුසුම මට ලැබෙනවා ගොඩක් අඩු නිසා..

සචින් හෙමින් මගේ තොල් දෙක ඒ තොල් දෙක අතර සිරකරගද්දි මං ඒකට අනුබල දුන්නේ මගේ ගෑනු හැගීම ඇවිස්සෙද්දි..

සචින් හෙමින් හෙමින් මගේ මුලු ඇග පුරාම ඒ දෙතොල් අරන් ගියේ ආදරෙන්.. එයා මගෙ ඇගට බරවෙද්දි මං තදින් ඇස් පියාගෙන ඒ මොහොතට මූන දුන්නේ ආසාවෙන්.. ආදරනීය හෝරාවක් ගෙවිලා ගියා.. මං සචින්ගේ පපුවට ඔලුව තියාගෙන නිදගත්තේ අත් දෙකෙන්ම සචින්ව තුරුල් කරන්.

දවස හිතිවා වගේම සතුටින් ගෙව්වා.. සචින් කාලා ඉක්මනින් නිදාගත්තා.. මං කෑම හදපු භාජන හේදුවේ නැත්තම් උදේට අමාරු නිසා.. මං ඒ ටික හෝදලා ඇදගාවට එද්දි මං දැක්කා සචින්ගේ ෆෝන් එකේ ඩිස්ප්‍රේ එක ඔන් වෙලා. මං ඒක අතට අරන් බැලුවේ නිකමට..

දෙයියනේ.. මොනාද මේ..

🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾

2 කොටසින් හමුවෙමු




Leave a Reply

Your email address will not be published. Required fields are marked *