යාපනය රෝහලේදී පසුගියදා තුන් නිවුන් දරු උපතක් සිදුව ඇති බව වාර්තා වනවා.
එලෙස උපන් තුන් නිවුන් දරුවන් සහ දරු උපත සිදුකළ මව යහපත් තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසූවේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ශ්‍රීදරන් අප්පුදුරෙයි ඇතුළු වෛද්‍ය හා හෙද කණ්ඩායමක් විසින් අදාළ තුන් නිවුන් දරු උපත සිදුවන අවස්ථාවේ වෛද්‍ය කටයුතු සිදුකළ බවයි.



මත්ද්‍රව්‍ය ජාවාරම් කළ දෝණි අත්අඩංගුවට
ඊයේ (27) මුල්ලේරියාව, රණබිම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ‘දෝණි’ නම් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීමේදී ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 7 කට ආසන්න ප්‍රමාණයක් හමු වූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
37 හැවිරිදි වියේ පසුවන සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලිසියට භාරදී තිබේ.
විදේශතව සිටින මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘ඩුබායි ධනුෂ්ක’ සහ ‘කොළොන්නාවේ චන්දන’ යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇත්තේ මෙම කාන්තාව බවටයි අනාවරණය වී ඇත්තේ.



















