ළිඳකට වැටී සාමණේර හිමිනමක් අවසන් ගමන ගිහින්ත්, නාරංවල ප්‍රදේශයේ පිහිටි පිරිවෙනක වැඩ විසූ හිමිනමක් ළිඳකට වැටී අපවත් වී ඇති බව මීගහවත්ත පොලිසිය පවසනවා.
ඊයේ (21) මෙලෙස අපවත් වී ඇත්තේ වයස අවුරුදු 12ක සාමණේර හිමිනමක් බවයි වාර්තා වුණේ.
අදාළ හිමිනම නොමැති බවට දැනගත් පසු සිදුකළ සොයා බැලීමේ දී අසළ පිහිටි ළිඳකට වැටි සිටිය දී සොයාගෙන තිබෙනවා.
අනතුරුව සාමණේර හිමිනම ළිඳෙන් ගොඩගෙන ඇතත් ඒ වනවිටත් උන්වහන්සේ අපවත් වී සිටි බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලිසිට වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ආනයන තහනම තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැකියි – සියඹලාපිටිය
ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා රට විවෘත කළ යුතු බවත් ඒ හේතුවෙන් ආනයන තහනම තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
2020 වසරේ සිට HS කේත 3000ක් ආනයනය කිරීම තහනම් කර ඇතත් එම ආනයනය ස්ථිරවම තහනම් කළ නොහැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
දැඩි අධීක්ෂණය යටතේ පවතින සීමාවන් ක්‍රමානුකූලව ඉවත් කර නැවත රට තුළ ආර්ථික අර්බුදයක් ඇති නොවීමට රජය වගබලා ගන්නා බ ද අමාත්‍යවරයා සඳහන් කළේය.
රජය පසුගිය මාස කිහිපය තුළ බොහෝ ආනයන සීමා ඉවත් කර ඇත.
ලබන මස මැද භාගයේදී පැවැත්වීමට නියමිත IMF සමාලෝචනයට පෙර ඉතිරි සීමාවන් ඉවත් කරන බව අමාත්‍යවරයා පැවසීය.