ලංකාව ලෝකයට ණය දෙන රටක් කරනවා – වජිර

131

ලංකාව ලෝකයට ණය දෙන රටක් කරනවා – වජිර

ශ්‍රී ලංකාව අද ලෝකයෙන් ණය ගන්න රටක් වුවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයගේ නායකත්වය යටතේ ඉදිරියේදී ලංකාව ලෝකයට ණය දෙන රටක් බවට පත්වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සන්දහන් කළේ තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ එජාප ආසන බලමණ්ඩලය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙරට ජනතාව ලෝකයේ රැකියාවලට යනවා වෙනුවට ලෝකයේ ජනතාව ලංකාවේ රැකියා සඳහා එන යුගය බිහි වනු ඇති බවයි.

මෙම කරුණු ඇතැමුන් සිනහවට ලක් කළ ද ඉන්දියාවේ සිට ලංකාවේ වතුවල වැඩ කිරීමට මිනිසුන් පැමිණි බව සිනහ නගන පුද්ගලයන්ට අමතක වී ඇති බවයි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ.

10 හැවිරිදි දැරියට හදි කළ මී මුත්තා අත්අඩංගුවට

10 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කළ එම දැරියගේ මිත්තණියගේ පියා ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගත් 74 හැවිරිදි පුද්ගලයා වැලි පැලැස්ස, අඩිප්පල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

අපයෝජනයට ලක්වූ දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *