දිය පිපාසයෙන් එන සතුන්ට වස දමා ඝාතනය කර මස් පිණිස විකිණීමේ ජාවාරමක් සෙල්ලකතරගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
සෙල්ලකතරගම ප්‍රදේශයට මායිම් ව ඇති යාල රක්ෂිත ප්‍රදේශයන් හී දඩයම්කරුවන් විසින් දිය කඩිති හා වැව් ආශ්‍රිතව වළවල් සාදා ඒවාට වස මිශ්‍ර කර මෙම ක්‍රියාව සිදුකර ඇති බව වනජීවී නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.
පසුව එම සතුන් දඩයම් කර, සතුන්ගේ මස් කතරගම ප්‍රදේශයන්ට පැමිණෙන පිරිස් වෙත හා විවිධ ප්‍රදේශයන් තුළ අලෙවි කරමින් මෙම ජාවරාම සිදුකරගෙන ගොස් ඇති බව සඳහන්ය.
විශේෂයෙන් කතරගම වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් ඉලක්ක කරගනිමින් ඔවුන්ට අවශ්‍ය මස් ලබා දීමට මෙම ක්‍රියාව සිදුකර තිබෙන බව වාර්තා වෙයි.
ඒ අයුරින් වස දමා මියගිය සතුන්ගේ මස් අලෙවි කිරීම තුළින් මිනිස් ජිවිත අවදානමක් ද පවතින බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
මේ ආකාරයෙන් මියගිය සතුන්ගේ මළ සිරුරු ගණනාවක් මේ වනවිට සොයා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකු සොයා ගැනීමට මෙතෙක් හැකි වී නැත.
රජරට සරසවියේ ආචාර්යවරු විරෝධතාවක
රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සිදුකරන විනය විරෝධී ක්‍රියා පාලනය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් නිහඬ විරෝධතාවක නිරත වී තිබේ.
රජරට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් විසින් අද (16) දිනයේ ක්‍රියාත්මක කර ඇති සංකේත වැඩවර්ජනයට සමගාමීව විරෝධතාව සංවිධානය කර ඇති බව සඳහන්ය.
විරෝධතාවට එක්වෙමින් අදහස් දැක්වු රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය ධර්මසිරි දිසානායක මහතා පැවසුවේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඉදිරියේ දී අධ්‍යන කටයුතුවලින් ඉවත් වන බවය.
“මේ විශ්වවිද්‍යාලයේ බහුතරයක් සිසුන් විනයගරුක, නීතිගරුක සිසුන්. විශ්වවිද්‍යාලයට ආපු අරමුණ ඔවුන් ඉටුකර ගැනීමට සමත්වෙලා තියෙද්දි සුළු මැර ශිෂ්‍ය කණ්ඩයමක් විසින් මේ සියල්ල දියත් කරනවා.
බහුතරයක් සිසුන් වසර 4කින් පිටවෙලා යනවා. සමහර සිසුන් කිහිපදෙනෙක් ඉන්නවා ඔවුන් විශ්වවිද්‍යාල තුළ රැඳී සිටීමට විශ්වවිද්‍යාලය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කිරීමට වෙර දරනවා. විභාග පාස් නොවී ඉන්නේ විශ්වවිද්‍යාලය තුළ රැඳී සිටීමට. සුළු පිරිසක් නිසා විශ්වවිද්‍යාලයට ලොකු හානියක්.”
එහිදී රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ආචාර්ය ප්‍රගීත් වීරතුංග මහතා ද මෙලෙස අදහස් පළ කළේය.
“මේකට හේතුව තමා රජරට විශ්වවිද්‍යාලය තුළ නිර්මාණය වෙමින් පවතින අවාසනාවන්ත තත්ත්වය. විශ්වවිද්‍යාලවල ඉන්න කථිකාචාර්යවරු විශ්වවිද්‍යාල දාලා යද්දි ඉතුරු වන කථිකාචාර්යවරු හැටියට විශාල බරක් ඇදගෙන මේ රටේ දරුවන්ගේ අනාගතයට අපි වැඩකරමින් ඉන්න වෙලාවක අපිට තව තර්ජනයකට මුහුණදෙන්න වෙලා. සුළු පිරිසක් අධ්‍යයනය හා අධ්‍යයන පරිභාහිර කටයුතුවලට කරන මැදිහත්වීමේ ක්‍රියා කලාපය අද තර්ජනයක් දක්වා වර්ධනය වෙලා අපිට රාජකාරිය කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. මේ ගමන කථිකාචාර්යවරු සමග එකට යන්න ඕනේ ගමනක්. බියවද්දලා, පරුෂ වචනයෙන් බැනලා, තර්ජනය කරලා මේ කටයුත්ත කරගන්න බෑ. කරුණා කරලා මේ ශිෂ්‍යයෝ අධ්‍යයන හා පරිභාහිර කටයුතුවලට දක්වන මැදිහත්වීම වහාම වළක්වන්න. එහෙම නොවුණොත් මේකේ අවසාන ප්‍රතිඵලය ඔබට සහ ඔබේ අනාගතයට සිදුවෙයි.”


















