BREAKING NEWS
Search

උණු වූ යකඩ සිරුරට විසි වී අයෙක් මරුට

435

කහතුඩුව දියගම පාරේ යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවක් තුළදී යකඩ දියර පිටතට විසිවීමෙන් ඉන්දියානු ජාතික තරුණයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගතව දින 10 ක් ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පදිංචිව සිටි දීපාක් කුමාර් නැමැති 22 හැවිරිදි තරුණයෙක්.

මියගිය තරුණයා ඉකුත් 05 වනදා රාත්‍රියේ වැඩමුරය සඳහා කර්මාන්තශාලාව වෙත පැමිණ තවත් ඉන්දියානු ජාතිකයින් 06 දෙනෙකු සමග කෝව තුළට යකඩ දමමින් සිටියදී අනපේක්ෂිත අයුරින් කෝවේන් පිටතට යකඩ දියර විසිවීම මෙම අනතුර සිදුවී තිබුණි

 

ආයුර්වේද සංස්ථාව මේ වන විට ලාභ ලබන ආයතනයක් – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍

මෙරට දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි වාණිජ වටිනාකමකින් යුත් කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

රට තුළ නිරෝගීමත් ජනතාවක් ගොඩනැඟීමට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට පිළියමක් ලෙස දේශීය වෛද්‍ය ක්‍රමය සහ ආයුර්වේද ක්‍රමය තුළ නව ප්‍රවණතා රැසක් සිදු කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මෙසේ ද පැවසීය,

මෙම යුගය දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පුනර්ජීවන යුගයක් ලෙස හඳුන්වා දිය හැකියි. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් පසුගිය කාලයේ අප පුළුල් වැඩකොටසක් ඉටු කළා.

අපේ ර‍ටේ දේශීය වෛද්‍ය සේවාව ගුණාත්මක වෛද්‍ය සේවාවක් ලෙස දීර්ඝ කාලයක් පැවතුණා. ඉන් ඔබ්බට ගොස් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි කර්මාන්තයක් ලෙස වාණිජ වටිනාකමක් සහිතව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ දැන් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා.

විශේෂයෙන් එළැඹෙන සැප්තැම්බර් 08,09 සහ 10 දිනවල දේශීය වෛද්‍ය අධ්‍යාපන හා වෙළෙඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් හා සමුළුවක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම ප්‍රදර්ශනයට විවිධ රටවල නියෝජිතයන් සහභාගී වෙනවා. අපේ රටේ ආයුර්වේද නිෂ්පාදන අපනයනය සඳහා අවශ්‍ය වෙළෙඳපොළ සොයා බැලීම සහ ඒ පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් ද මෙහිදී සිදු කිරීමට අපේක්ෂිතයි.

එසේම සතිමත් බව තුළින් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් පාසල් කේන්ද්‍රකරගත් වැඩසටහනක් අද ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබුවා. මෙරට ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ප්‍රජා වෛද්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් 2500කට ආසන්න පිරිසක් සිටිනවා. ඔවුන්ගේ දායකත්වයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා.

1961 දී ඇතිකළ ආයුර්වේද පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු ද අප මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා .ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද මාර්ගෝපදේශ ලබා දී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නියමයන්ට යටත්ව ආයුර්වේද පනතේ අවශ්‍ය සංශෝධන සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට හා විදේශ විනිමය උත්පාදනයට අවශ්‍ය ඖෂධීය ශාඛ වගා කිරීම පිළිබඳ වූ වගන්තිවලට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලැබී තිබෙනවා. ඒ වගේම ආයුර්වේද ක්ෂේත්‍රයේ ඉහළ කාර්යක්ෂමතාවක් ඇති කර ගැනීම සඳහා එහි සංවිධාන ව්‍යුහයේ වෙනස්කම් රැසක් අප සංශෝධන වශයෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා ද ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට අපේක්ෂා කරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *