‘සිනෝපෙක්’ ඉන්ධන මිල අඩුවෙන්
සිනෝපෙක්’ සමාගම ලබන සැප්තැම්බර් මස 20 වැනිදායින් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (15) පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කිරීමට කිසිඳු බාධාවක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
‘සිනෝපෙක්’ සමාගම සැප්තැම්බර් මස සිට එම සමාගමේ වෙළෙඳ නාමය යටතේ ශ්‍ර ලංකාව තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවත් ඒ වන විට සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් කරන බවත් අමාත්‍යවරයා කීය.
රටපුරා වාහන කොල්ලකන කල්ලියක් මාට්ටු
කුලී පදනම මත ලබා ගෙන ඇති රුපියල් ලක්ෂ 100 වඩා වැඩි වටිනාකමින් යුතු වාහන දෙකකට ව්‍යාජ ලේඛන සකස් කර විකුණු බව කියන කාන්තාවක මෙහෙයවන කල්ලියක ජාවාරම්කරුවකු නිට්ටඹුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ද සහායෙන් ව්‍යාජ ලේඛන සකස් කර විකුණා ඇතැයි ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පැවසීය.
පානදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයිති මෝටර් රථයක් හා ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයිති වැගන් ආර් රථයකට ව්‍යාජ ලේඛන සකස් කර රන්පොකුණගම ප්‍රදේශයේ පුද්ගලයකුට රුපියල් ලක්ෂ සීයකට විකුණා ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව ලද පැමිණිල්ලකට අනුව ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් ජාවාරම්කාර පුද්ගලයා නිට්ටඹුව දංගොල්ල වත්ත ප්‍රදේශයේ දී එසේ අත් අඩංගුවට ගත් බවද පොලීසිය කීය.
මෙය රටපුරාම කර ගෙන යන හොර ජාවාරමක් බවත් හොර ජාවාරම මෙහෙය වනු ලබන්නේ කාන්තාවක් බවත් අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයා ඇතුළු එම කල්ලියේ සියලු දෙනා ජාතික හැඳුනුම්පත් පත් ඇතුළු සියලු ලේඛන ව්‍යාජ ලෙස සකස් කර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ පරිඝණක පද්ධතියද වෙනස් කර හොර වාහන ජාවාරම කර ගෙන ගොස් ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
ආනන්ද ඉ ජයකොඩි



















