කිසියම් විෂ ද්‍රව්‍යයක් මිශ්‍රිත ජලය පානය කළ නාරම්මල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියන් 06 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
අදාළ සිසුවියන් ඊයේ (14) මෙලෙස රෝහල් ගතකර ඇති බවයි නාරම්මල පොලීසිය පැවසුවේ. මෙලෙස රෝහල් ගතකර ඇත්තේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 06 දෙනෙක් වන අතර එක් සිසුවියක් විසින් ඇය සමඟ අමනාප තවත් සිසුවියන් කිහිප දෙනෙකුගේ වතුර බෝතල්වලට මෙලෙස වල්නාශක මිශ්‍ර කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
එලෙස විෂ ද්‍රව්‍යය මිශ්‍ර කළ සිසුවිය ද එම වතුර පානය කර ඇති අතර, ඇය ද රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ. කෙසේ වෙතත් මෙම සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බව නාරම්මල පොලීසියෙන් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී සඳහන් කර සිටියා.
අදාළ පාසලේ ශිෂ්‍ය නායක තනතරු සඳහා ඇති වී තිබෙන තරඟයක් මෙම සිදුවීමට පාදක වී ඇති බව විදුහල් ආරංචි මාර්ග සඳහන් කළා.
madyawediya.lk
ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් ඉදිරිපත් කරනවා
ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට, වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් රටට ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව පුළුල් අධ්‍යයනයකින් පසු සකස් කළ එම ප්‍රතිපත්තිය මේ වන විට කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබෙන බවත්, එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ඉදිරි සති දෙක තුළ රටට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට ගොඩනැඟිමට ගෙන යන නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ සමඟ අද සංචාරක ක්ෂේත්‍රයේ ද පිබිදීමක් දක්නට ලැබෙනවා. එදා රට භාර ගැනීම ප්‍රතික්ෂේප කළ නායකයන් අතර, නොබියව එම අභියෝගය භාරගත් ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් බව කිව යුතුයි.
සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම මෙරට ඩොලර් අර්බුදය විසඳා ගැනීමට ඇති ප්‍රධාන ප්‍රවේශයක් ලෙස පෙන්වා දිය හැකියි. මීට වසරකට පෙර සංචාරක ක්ෂේත්‍රය පැවති තත්ත්වයට වඩා අද ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳ නිහතමානී සතුටක් තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ සංචාරක ක්ෂේත්‍රය නඟා සිටුවීමට විශාල දායකත්වයක් ලබා දෙනවා. අප එය තවත් ප්‍රවර්ධනය කළ යුතුයි.
ශ්‍රී ලංකාව ඉතා සුන්දර රටක්. නමුත් මෙම සුන්දර රටේ වටිනාකම කිසිවෙකු තවම තේරුම්ගෙන නැහැ. ඒ වගේම මේ රට නිධානයක්. මේ නිධානයෙන් ප්‍රයෝජන ගන්නේ කෙසේද කියා අප තවම සිතා නැහැ. ඒ සඳහා අවශ්‍ය ආකල්පමය වෙනස සිදු කිරීම තමයි ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ වී තිබෙන්නේ.
අද මේ රට පත්ව තිබෙන තත්ත්වයට පසුගිය වසර 75 තිස්සේ මේ රට පාලනය කළ දේශපාලනඥයන් වගකිව යුතුයි. නමුත් අද තනි පුද්ගලයෙකු රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටිනවා.
සංචාරකයන්ට සුන්දර ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම සංචාරකයන්ගේ පැමිණීම තවදුරටත් ඉහළ නංවා ගැනීමට නම් සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත ප්‍රායෝගික ගැටලු රැසක් විසඳිය යුතුව තිබෙනවා.
මෙරට සංචාරක ආකර්ශණය දිනාගත් ස්ථානවල පවතින තදබදය අඩු කිරීමට ඉදිරියේ දී වැඩපිළිවෙළක් හඳුන්වාදීමට ද අපේක්ෂා කරනවා. එසේම මහජන ආරක්ෂක අමාත්‍යාංශය සමඟ එක්ව සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර තිබෙනවා.
සංචාරකයන්ගේ පහසුව සඳහා ජංගම දුරකථන යෙදවුමක් මෙන්ම විදෙස් සංචාරකයන්ට මුහුණදීමට සිදුවන විවිධ අක්‍රමිකතා වළක්වා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ වගේම සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කිරීමට අප කටයුතු කරනවා. ආණ්ඩු සහ දේශපාලනඥයන් වෙනස් වන විට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් මෙරට සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍යයි. අමාත්‍යවරයා වෙනස් වුණා කියා රටේ සංචාරක ප්‍රතිපත්තිය වෙනස් වෙන්න බැහැ. ඒ නිසා දීර්ඝ විශ්ලේෂණයකින් අනතුරුව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව සකස් කළ නව සංචාරක ප්‍රතිපත්තිය අප කැබිනට් මණ්ඩලයට යොමු කර තිබෙනවා. එය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න අප ඉදිරි සති දෙක තුළ රටට ඉදිරිපත් කරනවා.



















