BREAKING NEWS
Search

පුතා හදි කළ දැරිය සඟවාගෙන සිටි කොස්තාපල් අත්අඩංගුවට

500

බාලවයස්කාර දැරියක් සඟවා තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මොණරාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බිබිල පොලිස් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් වන අතර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම දැරිය සිය පුතාගෙන් දූෂණයට ලක් වී ඇති බවයි.

මෙම දැරියගේ මව විසින් තම දරුවා අතුරුදන් වී ඇති බව පොලීසියට පැමිණිලි කර ඇති අතර මේ සම්බන්ධයෙන් මොනරාගල පොලිසිය විසින් විමර්ශන සිදු කිරීමේදී එම දැරිය පොලිස් ස්ථානයට ඉදිරිපත් වී තිබේ.

දැරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පොලීසිය හමුවේ පවසා ඇත්තේ තමා දූෂණයට ලක් වී ඇති බවයි. ඒ අනුව පොලිසිය විසින් දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා සිරිගල රෝහලට ඇතුළත් කර තිබේ.

වෛද්‍ය වාර්තාවක් ලබා ගතහොත් තම පුත්‍රයා ස්ත්‍රී දූෂණයට වරදකරු වන බැවින් මෙම පොලිස් කොස්තාපල්වරයා දැරියට රෝහලෙන් පැන යාමට උපදෙස් ලබා දී ඇති අතර රෝහලෙන් බැහැරට ආ දැරිය පොලිස් කොස්තාපල්වරයා යතුරුපැදියක නංවාගෙන බිබිල ප්‍රදේශයේ ඔවුන්ගේ ඥාති නිවසක සඟවා තබා ඇති බවයි විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.

තොරතුරු වසන් කරමින් බාලවයස්කාර දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය යන චෝදනාව යටතේ මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *